දුක හිතේ නුඹව නොලැබේ කියා..

විසිරුනු තරු පත් සිඳුනා..
හිම පිණි පවනක් සැලුනා..
දිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා..
පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි ලැබුනා..

සිතුවිලි කළඹක් මැවිලා..
හද මුදු හැඟුමන් පිරිලා..
සැනසුමේ ඉන්නම් ළය මත හිස සතපා..
නෙතු දැල්වී ඇත්නම් මගෙ ලඟ නුඹ සැමදා..

වහින්න මුතු වැස්සක්..
වහින්න මුතු වැස්සක්..
සිත පහන්ව ඉන්නේ, පැතුම් ළංවෙලා සඟවා..
වහින්න මුතු වැස්සක්..
වහින්න මුතු වැස්සක්..
හද වහන්ව ඉන්නේ, සිතුම් ඉටුවෙලා නොදොඩා..

නෙතු කොනේ කඳුළු ඉනුවේ නැත මා..
පැතු ලෙසේ සුවඳ රැඳුනේ සදා..
හද ගැබේ නුඹට ඉඩ නැත්තේ දසන්තේ..
නුඹ මගේ සොඳුරු මතකේ රැඳුනා..

රුව මැවේ දොරක ක්ෂිතිජේ ඉම හා..
දුක හිතේ නුඹව නොලැබේ කියා..
හිත මගේ නුඹට පුද දුන්නේ වසන්තේ..
සඳ රැයේ හැඟුම පවනේ සැළුනා..

ගායනය - අමරසිරි පීරිස්
  සමිතා මුදුන්කො‍ටුව

මැවෙන සිත්තම්

සඳ අදින සිත්තම් වලින් 
යාන්තම් අඳුර වැටුනු පොළෝකුස
හැඩවෙද්දි
සත්තමයි රත්තරනේ
මගේ ජීවිතේටත් රටා මැවුනා
ඒ රටා අතරින් ඔය මූණ 
මැවි මැවි පෙනුනා
බොළදකම නෙවෙයි මේ
දැනෙන හැඟෙනේ දේ

මම දන්නේ නෑ

ගෙවෙයි දින සති
හිත තාම එක තැන
නොගෙන තනි තීරන
පසුතැවෙයි මම හැමදින